News

පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහි පෙත්සම් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කළ මූලික පෙත්සම් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අගවිනිසුරුවරයා තීරණය කර තිබෙනවා.

පස්දෙනෙකුට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල් .පීරිස් මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෝසම සළකා බලමින් අගවිනිසුරු මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ඒ අනුව අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, බුවනක අලුවිහාරේ, සිසිරද ආබෘෘ, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ දෙසැම්බර් මස 04, 05 සහ 06 යන දිනවලදී විභාගයට ගැනීමට නියමිතයි.