News

පාර්ලිමේන්තුව විසුරුවා හරින්න තවත් පැය කිහිපයයි

වත්මන් පාර්ලිමේන්තුව තවත් පැය කිහිපයකින් විසුරුවා හැරීම රජයේ තීරණය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අද (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

එළඹෙන මහ මැතිවරණය පිළිබදව කිසිදු සැකයක් නොමැති බවත්, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිවනු ඇති බවත් ජී.එල්. පීරිස් මහතා සදහන් කළේය.