News

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනයට එරෙහි අතුරු තහනම 10 වැනිදා දක්වා දීර්ඝ කෙරේ

ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 10 වන දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ, අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින්.

ඊයේ (06) අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබුණේ හෙට (08) දිනය දක්වායි.

ඒ අනුව අතුරු තහනම් නියෝගය ලබන 10 වන සදුදා දිනය දක්වා දීර්ඝ කර තිබෙනවා.