පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට්ටුව නිසා මන්ත්‍රී පෞද්ගලික කාර්ය මණ්ඩලයට පඩි නෑ
නොවැම්බර් මාසය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවා ඇතත් ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට මාසික වැටුප ගෙවා නොමැති බව වාර්තා වේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබීම නිසා එම සේවකයින්ට වැටුප් ගෙවා නොමැත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසික වැටුප පාර්ලිමේන්තුවෙන් ලබා දෙන අතර නොවැම්බර් මාසයට අදාළ වැටුප ගෙවූ බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට සාමාජිකයින් හය දෙනෙක් ඇතුළත් අතර පෞද්ගලික ලේකම් ව්‍යාපෘති නිලධාරී, ලිපිකරු, යතුරු ලේඛන, රියැදුරු, කාර්යාල කාර්ය සහායක යන තනතුරු ඊට ඇතුළත්ය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් කළ විමසීමේදී එහි පරිපාලන නිලධාරිනිය පැවසුවේ ඊට අදාළ උපදෙස් නොලැබීම නිසා නොවැම්බර් මාසයට අදාළ වැටුප් ගෙවීම සිදුකර නොමැති බවයි.