News

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවතට

පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දුවක් සිදු වී යැයි පැතිර ගිය ආරංචියක් සමඟ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ විසින් කටයුතු කර ඇත.

මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයේ මේ තත්ත්වය ඇති වු බව දැනගන්නට ලැබෙන අතර ඒ පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැති බව ආරංචිමාර්ග සඳහන් කරන අතර පාර්ලිමේන්තුවට විශේෂ කාර්ය බලකායද කැඳවා ඇතැයි වාර්තා වේ.