පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 03දෙනෙකු දිවුරුම් දෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නව මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද නියෝජ්‍ය කථානායක ඉදිරියේ දිවුරුම් දෙයි.
ඒ අනුව ඩී.බී. හේරත්, මනෝජ් සිරිසේන සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් මෙලෙස මන්ත්‍රී ධුරවල දිවුරුම් දී ඇත.
සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා ඩී.බී. හේරත් මහතා ද චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා මනෝජ් සිරිසේන මහතා ද ශාන්ත බණ්ඩාර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා ඒ මහතාම යලිත් පත් කර ඇත.
