පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා රක්ෂිත බන්ධනාගාරයට
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ලබන ජනවාරි මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
පසු ගිය 16 වැනි ඉරිදා ගොඩකවෙල නගරයේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට චෝදනා එල්ලව තිබූ අතර අද(20) පෙරවරුවේ ඔවුන් ගොඩකවෙල පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.