පාර්ලිමේන්තු මුස්ලිම් දේශපාලනඥයින් අද අගමැති සමඟ විශේෂ සාකච්ඡාවක්
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියළු මුස්ලිම් දේශපාලනඥයින් අතර විශේෂ සාකච්ඡාවක් අද සංවිධාන කර ඇත.
දිගන, අම්පාර සහ කුරුණෑගල ඇතුළු ප්රදේශ කිහිපයක ඇති වූ සිද්ධීන්වලදී පීඩාවට පත් ඇතැම් ජනතාවට වන්දි අහිමි වීම පිළිබඳව අග්රාමාත්යවරයා දැනුවත් කිරීම සඳහා ඔවුන් මෙම සාකච්ඡාව පැවැත්වීමට සුද්නම්ව ඇත.
ඒ අනුව අද පස්වරු 4 ට අරලියගහ මන්දිරයේදී අග්රාමාත්යවරයා හමුවී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
