පාර්ලිමේන්තු සැසිය අරම්භවිම තවදුරටත් ප්රමාද වෙයි
පාර්ලිමේන්තු සංකීරණය වෙත පිවිසෙන සියලුම මන්ත්රීවරුන් පූර්ණ ශරීර පරික්ෂාවකට ලක් කර පාර්ලිමේන්තු සංකීරණය වෙත ඇතුළත් කර ගෙන ඇති බව සඳහන් වෙයි.
මන්ත්රීවරුන් අතර හටගත් නොසන්සුකාරි තත්ත්වයක් හේතුවෙන් ඊයේ පාර්ලිමේන්තුව කල්දැමුණු අතර පසුව පැවැති පක්ෂ නායක රැස්විමෙන් අනතුරුව යළි අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබුණි.
අද දිනයේද පාර්ලිමේන්තු පරිශ්රය සහ ඒ අවට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර ඒ සඳහා පොලිස් විශේෂ කාර්යය බළකාය ද කැඳවා ඇති බව වාර්තා වෙයි.
මේ වනවිටත් පාර්ලිමේන්තුව ආරම්භ වී ඇති නමුත් ඊයේ(15) දින පාලිත තෙවරප්පෙරුම මන්ත්රීවරයා පිහියක් රැගෙන පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය හේතුවෙන් කතානායකවරයාගේ ආසන්නයේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරු සටන්පාඨ කියමින් විරෝධතාවයක නිරතවෙන නිසා තවමත් පාර්ලිමේන්තු සැසිවාරය අරම්භ කිරීමට හැකියාවක් ලැබී නැත.