News

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් ?

පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

අටවැනි පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය මේ වන විට ක්‍රියාත්මක වන අතර ලබන වසරේ (2020) මාර්තු වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ව්‍යවස්ථාවෙන් බාධාවක් පවතියි.

එසේ පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කර යළි රැස්වන්නේ නව සැසියක් ලෙසිනි. එවිට එතෙක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ පැවති යෝජනා සේම සියලු කමිටුවල කටයුතු අහෝසි වනු ඇත.

මධුභාෂණ හේරත්