Update : අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීමට පක්ෂව ඡන්ද 123ක්
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළා.
පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂයට සමඟ නැවත එක්වූ වසන්ත සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් නොලැබුනේ, ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි නොවීම හේතුවෙන්.
———————————————————————————————————————————-
අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරිමට අදාළව ඡන්ද විමසීම ඇරඹෙයි
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරිමට අදාළව ඡන්ද විමසීම ඉලෙක්ට්‍රෝනික් ක්‍රමයට මේ වන විට ආරම්භ වී තිබෙනවා.
———————————————————————————————————————————-
අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරිම මෙන්ම හිටපු අගමැතිගේ වරප්‍රසාදත් කපා හැරිය යුතුයි – අනුර
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වන තෙක් ජනපතිවරයා සමග සාකච්ඡාට නොයන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු අද මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ කුමන්ත්‍රණකාරී අර්බුදයක් සාමාකාමී සාකච්ඡා මේසයක් තුළ විසඳා ගැනීමට අවස්ථාවක් නොමැති බවයි.
පවතින අර්බුද විසඳා ගත හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පමණක් බවයි ඔහු පෙන්වා දුන්නේ.
මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරිම මෙන්ම හිටපු අගමැතිවරයා ද අගමැති වරප්‍රසාද විදිනවා නම් ඒවා සියල්ල කපා හැරීය යුතු බව ද අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.
එමෙන්ම අරලිය ගහ මන්දිරයේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම සිදුකරනු ලබන රැස්වීම් සහ සියලු වැඩසටහන් නැවැත්විය යුතු බවද අනුර කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.
———————————————————————————————————————————-
ඇමති විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වෙයි
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සැසිවාරය සහභාගි වී තිබෙනවා.
සැසිවාරයට සහභාගි වෙමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කථානායකවරයා ගෙන් ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට බහුතර බලක් පෙන්විය හැකි කුමන හෝ කණ්ඩායමකට ආණ්ඩුවක් ගෙන යාමට අවස්තාව ලබා දෙන ලෙසයි.
මෙම දේශපාලන අස්ථාවරත්වය තුළ ජයග්‍රහණය ලබන කිසිදු නායකයෙක් නොමැති බවද ඔහු සභාව අමතමින් පැවසුවා.
මෙවැනි දේශපාලන තත්ත්වයක් පාලනය කිරීමේ මුලික වගකීම කථානායකවරයා සතු වන බවද විජයදාස අමාත්‍යවරයා සිහිපත් කර සිටියා.
———————————————————————————————————————————-
බහුතරයක් නොමැති ආණ්ඩු පක්ෂය ඉල්ලා අස්විය යුතු බව නවීන් කියයි
ව්‍යවස්ථානූකූලව බහුතරයක් නොමැති ආණ්ඩු පක්ෂයට කරුණාකර ඉල්ලා අස්වෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක මහතා පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ විසින් ගෙන එනු ලබන යෝජනාව ස්ථීර කරමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
———————————————————————————————————————————-
අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාව රවී කරුණානායක ඉදිරිපත් කරයි
අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරිමට අදාළව විපක්ෂය විසින් ගෙන එන යෝජනාව පාර්ලිමෙන්තු මන්ත්‍රී රවී කරුණනායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එම යෝජනාව ඉදිරිපත් කරමින් රවී කරුණනායක කියා සිටියේ රජයේ කවර හෝ වියදමක් දැරීමට වියදමක් දැරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට අවස්ථාවක් නොමැති බවයි.
———————————————————————————————————————————-
පාර්ලිමේන්තුව තුළ සිදුවූ කලබලය සොයාබලන්න කමිටුවක් පත් කෙරේ
පාර්ලිමේන්තු සභාගර්භය තුළ පසුගියදා ඇතිවූ කලබලකාරි සිදුවීම් සම්බන්ධයෙන් පොලීසියෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
ඊට අමතරව අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න තීරණය කර ඇති බව ද කථානායකවරයා ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් හිටපු කතානායක චමල් රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර, බිමල් රත්නායක, මාවෙයි සේනාධිරාජා ඇතුළු කණ්ඩායමක් ද මේ සදහා පත්කර තිබෙනවා.
———————————————————————————————————————————-
පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹෙයි
පාර්ලිමේන්තුව කපාර්ලිමේන්තු සැසිවාරය ඇරඹෙයිථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ වී තිබෙනවා.