News

Update : රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සම්මත වෙයි

රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 117ක් හිමිවුණා.

ඒ අනුව මෙම යෝජනාව සම්මත වූ බව කථානායාවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

දෙමළ ජාතික සන්ධාන එම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර, ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා.

———————————————————————————————————————————

රනිල් විශ්වාසයි – සජිත් ගෙනා යෝජනාව මංගල ස්ථීර කරයි

පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් ස්ථීර කළා.

———————————————————————————————————————————

හිටපු අගමැති රනිල්ට විශ්වාසය පලකිරීමේ යෝජනාව සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

———————————————————————————————————————————

පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹෙයි

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අද දිනෙය්දී ද පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කර තිබෙනවා.