පාසල්වල සිසු සිසුවියන්ට ආරක්ෂාව පිළිබදව දේශනයක්
පාසල්වල 10 වැනි ශ්‍රේණියෙන් ඉහළ සිසුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කරන දේශන මාලාවක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
එම අමාත්‍යංශය සදහන් කළේ රටේ පවතින ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශාල කාර්යභාරයක් පැවරී ඇති බවය.
දේශනය මගින් ඔවුන් එම වගකීම පිළිබදව දැනුවත් කිරීම මෙන්ම සැකකටයුතු පුද්ගලයෙකු සිදුවීමක් හෝ කිසියම් පාර්සලයක් දුටුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් බවක් ලබාදීම ද මේ හරහා සිදුකිරීමට නියමිතය.
මේ අතර ලබන සඳුදා (06) පාසල් විවෘත කිරීමට නියමිත අතර, සියලුම පාසල්වල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ ය.