News

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජන කළ පළාත් සභා මන්ත්‍රීවරයා පොලීසියට භාරවෙයි

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදට දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පසුගිය 26 වන දින මෙම සිදුවීම සිදුව ඇති බවයි.

වයස අවුරුදු 16 හමාරක් වු දැරිය මෙම පළාත් සභා මන්ත්‍රීවරයා විසින් අපයෝජනයට ලක් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මන්ත්‍රීවරයා අක්මීමන පොලීසියට බාර වීමෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද(28) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.