News

පාසල් නිල ඇඳුම් ලබාදීම ලබන වසර මුලදී

2019 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් මෙම වාර අවසානයට ප්‍රථම පාසල් සිසුන්ට ලබාදීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

පසුගිය ආණ්ඩුව සමයේ පාසල් සිසුන්ට රෙදි මිලදී ගැනීමට ලබාදුන් වව්චර්පත් ක්‍රමය අහෝසි කර ඒ වෙනුවට රෙදි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව වාර අවසානයේදී ලබාදිය යුතු පාසල් නිල ඇඳුම් 2019 වසරේ මුල් වාරයේදී බොහෝ දුරට ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසීය.