News

පාසල් නිවාඩු අදින් ඇරඹෙයි

සිංහල සහ දෙමළ රජයේ පාසල්වල පළමු වාරය අදින් අවසන් වන අතර දෙවන වාරය අප්‍රේල් 22 වන දා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මුස්ලිම් පාසල් සඳහා පළමු වාරයේ නිවාඩු සමය ආරම්භ වන්නේ අප්‍රේල් 11 වනදා බැවින් එම පාසල් අප්‍රේල් 17 වන දා යළි ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.