News

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීම ලබන පෙබරවාරි මාසයට පෙර

සියලුම පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීම ලබන වසරේ පෙබරවාරි මාසය අවසන්වීමට පෙර සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ නිල ඇඳුම් තිලිණ පත් වෙනුවට යළිත් පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීමට පසුගියදා රැස් වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බවයි.

නිළ ඇඳුම් රෙදි වෙනුවට තිලිණ පත් ලබාදීම තුළින් වසරකට රුපියල් මිලියන 550ක පමණ වැඩිපුර වියදමක් දැරීමට සිදු වූ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

එම වැඩපිළිවෙල හේතුවෙන් දෙමාපියන්ට ද අමතර වැය බරක් දැරීමට සිදුවූ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.

මේ අතර ලබන වසරට අදාළ පෙළ පොත්වලින් 87% ක් පාසල්වලට බෙදා හැර ඇති බව එම අමාත්‍යංශය පවසනවා.

ඉතිරි පෙළ පොත් අද සහ හෙට පාසල් වෙත බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.