News

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා නොගත් අයට එරෙහිව අපරාධ පරීක්ෂණයක්

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට ක‍්‍රියා නොකළ පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තා දෙකක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකර ඇත.

ඒ අනුව අනිවාර්ය නිවාඩු යැවූ පූජිත් ජයසුන්දර මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, ජාතික බුද්ධි ප‍්‍රධානි, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන අයට එරෙහිව මෙම පරීක්ෂණය සිදු කරන ලෙසට දන්වා ඇති බවට වාර්තා වේ.

එමෙන්ම චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ගත යුතු විනය ක‍්‍රියාමාර්ග පිළිබඳ අවශ්‍ය උපදෙස් ජාතික පොලිස් කොමිසමෙන් ලබාගනු ඇති බවටද වැඩිදුරටත් වාර්තා වේ.