පාස්කු ඉරිදා 12000ක ආරක්ෂාවක්
පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහා ලංකාවේ සියලු දේවස්ථාන ආවරණය වන පරිදි පොලිස් හා ත්‍රිවිධ හමුදා ආරක්ෂාව යෙදවීමට නියමිතය. මේ අනුව පොලිස් හා ත්‍රිවිධ හමුදා 12000ක පිරිසක් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
එම පිරිසෙන් 9000කට අධික පිරිසක් පොලීස් නිලධාරීන් වන අතර සෙසු පිරිස විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව,නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ භට පිරිස් බව ද සඳහන් කර ඇත.
පොලිස්පතිවරයාගේ විශේෂ චක්‍රලේඛයක් යටතේ එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.