News

පාස්කු ඉරුදින ප්‍රහාරය : තුවාල ලැබූ ඇමෙරිකානු නිලධාරිනියක් මියයයි

පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ අමෙරිකානු නිලධාරිනියක් මියගොස් තිබේ.

අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ශ්‍රී ලංකාවේ රාජකාරිවල නිරත වූ චෙල්සියා ඩිකමිනාඩා නමැති නිලධාරිනිය ෂැංග්‍රී-ලා හෝටලයේ සිදු වූ පිපිරිමෙන් තුවාල ලබා තිබුණි.

වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය ගුවන් මගින් සිංගප්පූරුවට රැගෙන ගොස් තිබූ අතර එහිදී ඇය මියගොස් ඇති බව වාර්තා වෙයි.