News

පාස්කු ප්‍රහාරයේ වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබද සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හෙට (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ හෙට පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා පාස්කු වාර්තාව විවාදයට ගැනෙන බවයි.

ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රජය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් අද (09) සහ හෙට (10) යන දින දෙකට පමණක් සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කළේය.

මාර්තු මස 11 වැනිදා මහ සිවරාත්‍රී දිනය යෙදීම හේතුවෙන් නිවාඩු දිනයක් යෙදී තිබීමත් ඒ අනුව 12 වැනි සිකුරාදා දිනයේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමත් අවලංගු කෙරිණි.