News

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සොයන්න බුද්ධි අංශ කාර්ය සාධක බලකායක්

පාස්කු ප්‍රහාරයේ විමර්ශන වල තත්ත්වය හා ඉදිරියේදි  ගතයුතු ක්‍රියාමාර්ග ගැන සොයා බැලීමට ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා ගේ නියෝග මත බුද්ධි අංශ ප්‍රධානින්ගෙන් සමන්විත කාර්ය  සාධක බලකායක් අද පස්වරුවේ පත්කර ඇත.
ජාතික  බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් අල්විස් ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කාර්ය සාධක බලකායට රාජ්‍ය බුද්ධි ප්‍රධානි බ්‍රිගේඩියර් සුරේෂ් සලේයි,යුද හමුදා බුද්ධි අධයක්ෂ බ්‍රිගේඩියර් ශාන්ත හේවාවිතාරණ ,අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධයක්ෂ ,ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධයක්ෂ ,පොලිස් නිති අංශයේ අධයක්ෂ පත්කර ඇත .
සැම සදුදා දිනකම රැස්වි පාස්කු ප්‍රහාරය ගැන සිදුවන විමර්ශන හා මෙතෙක් සිදුවු විමර්ශන ගැන අධ්‍යනයක් කර ආරක්ෂක ලේකම් වරයා වෙත ප්‍රගතිය සම්බන්ධ වාර්තාව ක් ලබා දිමට මෙම බලකායට නියෝග ලැබි ඇත..
පාස්කු ප්‍රහාරය ගැන සිදුවන විමර්ශන ගැන සැහීමකට පත්විය නොහැකි බවට මැල්කම් රන්ජිත් කාදිනල් තුමා විසින් විශේෂ ප්‍රකාශයක් මෙම සතියේ කර තිබුනි.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා