පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අදත් රැස්වෙයි
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අද (21) පස්වරු 2.00ට රැස්වීමට නියමිතයි.
එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ කාරක සභාව හමුවේ මෙතෙක් ලබාදුන් සාක්ෂි සම්බන්ධයෙන් එහිදි තවදුරටත් අවධානය යොමු කෙරෙන බවයි.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සාක්ෂි විමසීමේ කටයුතු සඳහා ලබන 26 වනදා යලි රැස්වීමට නියමිතව තිබේ.
