News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 29දෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි

පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරු දින එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්යෙන් පුද්ගලයින් 29දෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පවසයි.

ඉන් 15 දෙනෙකුට අධික පිරිසක් මෙම ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වී ඇති බවට මේ වන විට අනාවරණය වී තිබේ.

මොවුන් කොළඹ සහ කාත්තන්කුඩි ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.