News

පාස්කු වාර්තා අධ්‍යන අනුකමිටු නිර්දේශ ලබාදීමට කල් ඉල්ලයි

පාස්කු පහරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සහ ආරක්ෂක කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවේ අංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යනය කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව රැස්වී තිබේ.

එය ඊයේ (12) පස්වරුවේ රැස්වී ඇති අතර කමිටු සභාපති අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

එහිදී අදාළ වාර්තාව දීර්ඝ වශයෙන් අධ්‍යනය කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ලබන 15 වන දිනට පෙර එම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ ලබාදීමට නොහැකි බැවින් ඒ සඳහා තවත් සති දෙකක කාලයක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබේ.