News

පා.ම. එස්. වියාලේන්ද්‍රන්ගේ සහාය ගෝඨාභයට

එළැඹෙන ජනාධිපතිවරණයේදී තම සහයෝගය ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදෙන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා පවසයි.

වියාලේන්ද්‍රන් මහතා පැවසුවේ නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කර ගැනීම වෙනුවෙන් තමන්ගේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදීමට තීරණය කළ බවයි.

දෙමළ ජාතික සන්ධානයේ අනෙකුත් අපේකයින්ගෙන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහයෝගය ලබාදෙන ලෙසට තමන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසුවේය.

තමාගේ නායකත්වය යටතේ නැගෙනහිර පළාත නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් ප්‍රජා සංවිධාන 13 ක් ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රාහණය වෙනුවෙන් කටයුතු කරන අතර, අදාළ සියළු පක්ෂ හා සිවිල් සංවිධානවල ඒකාබද්ධතාවයෙන් සෙනසුරාදා ජන හමුවක් හා මාධ්‍ය සාකච්ජාවක් පවත්වන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් සාධාරණත්වය හා සමානාත්මතාවය ලබා ගත හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යටතේ වන බවට තමන් විශ්වාස කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

පසුගිය සමයේ මුස්ලිම් අන්තවාදීන් සිදුකළ ප්‍රහාර වෙනුවෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරමින් වියාලේන්ද්‍රන් මහතා මඩකලපුව ප්‍රදේශයේ විරෝධතා වැඩසටහන් රැසක් පැවැත්වුහ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් වියාලේන්ද්‍රන් මහතා පාර්ලි‍මේන්තුවට තේරී පත්විණ.