News

පා.ම. ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිදට එරෙහි නඩුව යළි විභාගයට

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංගට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව අද(14) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත් වුණා.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි විශ්‍රාමික යුධ හමුදා මේජර් විමල් ප්‍රනාන්දු මහතා ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන් කෙරුණා.

වැඩිදුර විමසීම ලබන මස 25 වනදාට කල් තබා තිබෙනවා.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේශ් කුමාර් ෆාරික් නැමැත්තා මේ වන විට අධිකරණය මඟ හැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබෙනවා.

කොළඹ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර බලාත්කාරයෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංගට චෝදනා එල්ල වී තිබෙනවා.