News

පා.ම. බන්දුල කළ ප්‍රකාශයට මහේලත් කණගාටුවෙන් ට්විටර් සටහනක් තියයි

අ.පො.ස උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් දිවයිනෙන් පළමු ස්ථානය ලබාගත් සිසුවිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවට මහේල ජයවර්ධන ට්විටර් සටහනක් තබා තිබෙනවා.

එම මන්ත්‍රීවරයා විසින් ඊයේ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා වූ සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.

ඒ සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල පුද්ගලයින් විවිධ අදහස් පලකර කළ අතර, මහේල ද ඒ සම්බන්ධ සිය ට්විටර් ගිණුමේ සටහනක් තිබමින් පවසා තිබුණේ, ඒම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කනගාටුවන බවත් නිදහස් ‌හෝ ගෙවීම් යටතේ අධ්‍යාපනය සිදුකළ ද
සෑම විටම අපගේ අනාගත පරම්පරාව ධෛර්යමත් කළ යුතු බවයි.