News

පැය 4ක විශේෂ වැටලීමකින් 4039ක් අත්අඩංගුවට

දිවයින පුරා ආවරණය වන පරිදි පොලීසිය විසින් සිදුකළ විශේෂ වැටලීමකින් පුද්ගලයින් 4039දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් පරිදි ඊයේ රාත්‍රී 10.00 සිට අද අළුයම 2.00 දක්වා මෙම වැටලීම සිදුකළ බවයි.

එහදී බීමත් රියදුරන් 1122ක් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4039දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.