පැරණි ක්‍රමයටම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සුදුසුයි – මැතිවරණ කොමසාරිස්
පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාවේ මතය බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් සමඟ ඊයේ (17) දින පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
පළාත් සභා ඡන්ද විමසීම දැනට බලය ක්‍රියාත්මක නොවන නව ක්‍රමයට පැවැත්වීමට වඩා පැරණි පැරණි ක්‍රමයට පැවැත්වීම සුදුසු බව එහිදී සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් පෙන්වා දුන් අතර මැතිවරණ නොමැතිවීම පිළිබඳ කණගාටු නොවන බවත් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමිවීම සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව කණගාටුවන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.