News

පැලවත්ත අකුරේගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

පැලවත්ත අකුරේගොඩ ප්‍රදේශයේ අති නවීන පහසුකම් වලින් සමන්විතව ඉදි කෙරුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්තානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි.

යුද, ගුවන් සහ නාවික යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම ඉදි කිරීම් ඇරඹුණේ 2011 වසරේ මාර්තු මස 11 වනදාය.

අක්කර 77ක භූමි භාගයක නව යුද්ධ හමුදා මූලස්ථානය ඉදිරිකිරීම සඳහා ඇස්තමේන්තු ගත කළ මුදල රුපියල් මිලියන 53 යි දශම 3 කි.

මෙහි පළමු අදියර ලෙස වැඩ නිම කෙරුණු යුධ හමුදා මූලස්ථානය සහ කාර්යාල සංකීර්ණය අද ජනපති අතින් විවෘත කරනු ලැබීය.

නව යුද හමුදා මූලස්ථානයේ CCTV කැමරා පද්ධති නිරීක්ෂණය වෙනුවෙන් LCD තිර 16 ක් ද ස්ථාපිත කර ඇති අතර. මෙහි විදුලි සෝපාන 19 ක් ද වේ.