News

පැල්වත්ත සිනී සමාගමේ දෙවැනියා ලග තිබී භාන්ඩ රැසක් සොයාගනී

පැල්වත්ත සිනී කර්මාන්තායතනයේ පරිපාලන නිලධාරීයෙක්ගේ ක්‍රියාකළාපයක් නිසා ඊයේ (07) දින පැල්වත්ත සිනී කර්මාන්තායතනයේ නොසන්සුන්තාවක් ඇති වූ අතර පසුව පොලිසිය සහ යුද හමුදාව විසින් අදාල නිලරියාව ප්‍රශ්න කිරීම් සදහා පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

පසුව යුද හමුදාව මෙම සිදුවීමට සම්බන්ධ නිලධාරීයාගේ නිවස පරික්ෂා කර ඇති අතර එහිදී කිසිවක් හමුවී නොමැත.

පසුව ලැබුණු තොරතුරක් අනුව සිදු කල මෙහෙයුමකදී මෙම නිලධාරීයාගේ රියදුරාගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් වලදී තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

එහිදී ලද තොරතුරු අනුව යුද හමුදා නිලධාරීන් පැල්වත්ත සිනී සමාගමේ උක් වගාවක් තුල තිබී බෑග් කිහිපයක් සොයාගෙන තිබේ.

එහි තිබී වෝකිටෝකි පහක්,වී.අයි.පී.නිලඇදුම් පහක්,හෑන්ඩ් සෙට් තුනක්,චාජ්ර් තුනක්,වී.අයි.පී ලයිට් තුනක්,ප්‍රභූ ආරක්ෂක අංශ පාවිච්චි කරන සුදු අත් ග්‍රලවුස් හතරක් හමු වී තිබේ.

පසුව මෙම නිලධාරීයාව ඊයේ (07) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විමර්ශන සදහා බුත්තල පොලිසියට භාර දී ඇත.

සැකකරු පිළිබඳ මේ වන විට දීර්ඝ විමර්ශනයක් යුද හමුදාව සහ පොලිසිය එක්ව ආරම්භ කර ඇති අතර ඉදිරි විමර්ශන බුත්තල පොලිසිය සිදු කරයි.

ජයන්ත වීරසේකර