පැහැරගත් බව කියූ මාධ්‍යවේදියා පාපොච්ඡාරණය කරයි
තමාව පැහැරගෙන ගොස් චිප් පතක් ඉල්ලා වද හිංසා පැමිණ වූ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ නිදහස් මාධ්‍යවේදියා ඉදිරිපත් කළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකළ අතර, එහිදී අනාවරණය වී ඇත්තේ එම මාධ්‍යවේදියා විසින්ම ඔහුගේ නිවසේදී මේසන් හැන්දකින් ඔහුගේ දෙඅත් පුළුස්සාගෙන ඇති බවයි.
පැහැරගත් බව කී මෙම මාධ්‍යවේදියා මීගමුවේ සිට දෙමටගොඩ දුම්රිය ස්ථානයට පැමිණ ඇති බවත්, ඉන් අනතුරුව ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ තිඹිරිගස්යායේ පිහිටි කාර්යාලය වෙත ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම කාර්යාලයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඔහුව හමුවූ බවත් අදාළ පුද්ගලයා පසුව පොලීසියට පවසා ඇත.
ඉන් අනතුරුව එම මාධ්‍යවේදියා රෝහල් ගත ව තිබේ.
ඒ අනුව අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීම සම්බන්ධව එම පුද්ගලයාව මේ වනවිට අත්අඩංගුවටගෙන තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් සහ චතුර සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.