News

පැළයක් සිටුවා විලපත්තුව බේරාගනිමු

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘මනූසත් දෙරණ’ සමඟ එක්ව ජාතික රණවිරු දිනයට සමගාමීව අද(18) විල්පත්තුව මරිච්චකඩ්ඩු ප්‍රදේශයේදී ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතිය සංවිධානය කර තිබේ.

මෙම උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රදානත්වයෙන් මරිච්චකඩ්ඩි 46 වන කිලෝ මීටර් කණුව අසලදී උදෑසන 9.00 ට ආරම්භ කිරීමට නියමිතය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම් අවසන් කර දසවරසක් සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා සහ මනුසත් දෙරණ එක්ව මෙම ජාතික ක්‍රියාන්විතය දියත් කරයි.

එදිනම පාලසෝතිකන්ඩාල්, කරාඩික්කූලී සහ ශ්‍රීනාත් නගර් යන ප්‍රදේශයන්හි ජාතික සැමරුම් දිනයට සමගාමීව රුක් රෝපණය කිරීමට නියමිතය.

විල්පත්තුව වන උද්‍යානයේ නැවත රුක් රෝපණය කිරිම සඳහා උනන්දුවක් දක්වන මහජනතාවට ආරාධනා කරනු ලැබේ.