News

පැළ සිටුවීමේ නැකත අදයි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් අතරට මෙවර ඇතුලත් පැළ සිටුවීමේ නැකත අදට (15) යෙදී තිබෙනවා.

තුන් පොකුරු යෝගය යෙදී ඇති පූර්වභාග 11.17ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා මෙම පැළ සිටුවීම සිදුකළ යුතු බව සඳහන්.

මෙම සුබ නැකතින් පැළයක් සිටුවා මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් තම පුරවැසි වගකීම් ඉටු කරන ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලුම ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.