පිටි මිල අඩු කළාට GMO විරෝධය
පාන් පිටි ආනයන බදු අඩු කිරීමට ආණ්ඩුව ගත් තීරණයට අගමැති මහින්ද රාජපක්ෂ හමුවේ දැඩි විරෝධය පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ‘අරුණ’ට ඊයේ (17 වැනිදා) පැවසීය.
විරෝධය පළ කර ඇත්තේ එම සංගමයේ නිලධාරීන් අගමැතිවරයා සමග පෙරේදා (16 වැනිදා) පැවැත්වූ සාකච්ඡාවේ දී ය.
පාන් පිටි නිෂ්පාදන සම්පූර්ණයෙන් ම පාසල් ආපනශාලාවලින් ඉවත් කළ යුතු බවට ද මෙහිදී යෝජනා කර ඇත. තිරිඟු ඇට පිටි කිරිමෙන් පසු සත්ව නිෂ්පාදන සඳහා යොදා ගන්නා කොටසට තවත් රසායන ද්‍රව්‍ය දෙකක් මිශ්‍ර කර මෙරට පාරිභෝජනය සඳහා එවන බව අගමැතිවරයාට පෙන්වා දුන් බවත් අනුරුද්ධ පාදෙණිය කීවේය.
බෝ නොවන රෝග ව්‍යාප්ත වීම සඳහා පාන්පිටි භාවිතය බෙහෙවින් ඉවහල් වන ප්‍රකාශ කර ඇති සභාපතිවරයා පාන්පිටි ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම් කිරිමේ අවශ්‍යතාව ද අගමැතිවරයා හමුවේ පැවසූ බවත් සඳහන් කළේය. පාන්පිටි වෙනුවට සහල් පිටි, ධාන්‍ය හා අල වර්ග පාරිභෝජනය කිරීමේ රටාවකට ජනතාව හුරු කළ යුතු යැයි ද අනුරුද්ධ පාදෙණිය පැවසීය.
පාන් පිටි කිලෝවක ආනයන බද්ධ රුපියල් 28කින් අඩු කිරීමට ආණ්ඩුව මේ වන විට පියවර ගෙන ඇත.
නිලන්ත මදුරාවල
