News

පිපිරීම් පිලිබඳ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින් තවත් 18 දෙනෙකු අත්අඩංගුවට

පසුගියදා සිදුවූ ප්‍රහාරවලට අදාළව ඊයේ(23) රාත්‍රියේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ළුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනෙකුද බේරුවල පොලිස් වසමේ කන්කාවන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් 05 දෙනෙකුද කටාන කටුවාපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනෙකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

වරකාපොල, අගුරුවැල්ල පාර මස්ජිත් මාවතේ නිවසක් පෙලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් සහ බුද්ධි අංශ නිලධාරින් විසින් පරික්ෂා කිරිමේදී යතුරුපැදියක් සහ වෝකිටෝකි යන්ත්‍ර 04ක් සඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.