පිරමීඩ ක්‍රමයට කෝටි 30ක් එකතු කරලා
ජංගම දුරකථන ලබාදෙන බව පවසමින් පාරිභෝගිකයන්ගෙන් රුපියල් කෝටි 30කට අධික මුදලක් රැස් කළ පිරමීඩ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (06 වැනිදා ) සමත්විය.
කිසිදු ජංගම දුරකථනයක් නැති කොල්ලුපිටියේ වෙළෙඳසලක සිටි තරුණයන් සිව්දෙනකු මෙම ජාවාරම සිදුකර ඇත. ජංගම දුරකථන අලෙවි කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබාගත යුතු අවසරය පවා මෙම සැකකරුවන් ලබාගෙන නොමැති බව පරීක්ෂණවලදී හෙළි විය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ක්‍රියාත්මක වේ.
රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා ජංගම දුරකථණයක් මෙම වෙළෙඳසලේ රුපියල් දෙලක්ෂ විසිදහසක මුදලකට අලෙවි කරන අතර පාරිභෝගිකයන් මුදල් ගෙවූ පසු අදාළ දුරකථනය ලබාදෙන්නේ දින 21ක කාලයකට පසුවය.
මේ ආකාරයට පුද්ගලයන් 3000ක් පමණ ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා මුදල් ගෙවා ඇති නමුත්, දුරකථන සපයා ඇත්තේ 2000කට පමණය.
එමෙන්ම මුදල් ගෙවූ පාරිභෝගිකයන් සියලුදෙනාටම ජංගම දුරකථන එකවර ලබා නොදී වෙළෙඳසල් හිමියා විශාල මුදලක් රඳවාගෙන සිටින බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි. මේ සම්බන්ධයෙන් එම අධිකාරියේ නිලධාරීන් ඊයේ (06 වැනිදා) අදාළ වෙළෙඳසල් හිමියාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පැවැසුවේය.
උදයජීව ඒකනායක
චාමර පල්ලේගෙදර