පිරිපහදු නොකරන ලද පොල්තෙල්වල සියයට 40ක් විෂ රසායනික ද්‍රව්‍ය
මෙරටට ආනයනය කරන පිරිපහදු නොකරන ලද පොල් තෙල්වල සියයට 40ක් පමණ විෂ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
අද (26) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ පොල් තෙල් මිල අධිකවීම හේතුවෙන් ලාභදායී පොල්තෙල් ගෙන්වීමට සමාගම් ක්‍රියා කරන බවයි.
මේ වන විට පොල් තෙල් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 1500ක් පමණ වන බවත්, එවිට පොල් තෙල් බෝතලයක් මෙරට තුළ රුපියල් 500ත් 600ත් අතර අධික මිලකට අලෙවි කිරීමට සිදුවන බව ආනයනික සමාගම් පවසන බවත් අමාත්‍යවරයා සදහන් කරයි.
එම මිලට පොල් තෙල් අලෙවි කිරීමට නොහැකි නිසා ඔවුන් ඊට අඩුවට තිබෙන පිරිපහදු නොකරන ලද පොල් තෙල් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 1200ක් පමණ වන මෙරටට ආනයනය කරන බව අමාත්‍යවරය පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.
අඩු මිලට මිලදී ගන්නා එම පොල් තෙල් වල සියයට 60ක් පොල් තෙල් ද සියයට 30ක් විෂ සහිත කෘතීම තෙල් ද, සියයට 10ක් පොල් තෙල් සුවද සදහා රසායනික ද්‍රව්‍යක් එකතු කරන බව අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.
කෙසේ වුවත් අදාළ පොල් තෙල් තොගය කිසිදු ආකාරයකින් පාරිභෝජනය සදහා ජනතාව අතට පත්ව නොමැති බවට රජයක් ලෙස වගකීමක් ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේය.