පිළියන්දලදී කාන්තාවක් ඝාතනය කෙරේ
පිළියන්දල මාවිත්තර ප්රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද උදෑසන 8.00ට පමණ මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් සමග විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ වයස අවුරුදු 54ක් වූ නෙරංජනී වීරසිංහ නමැති මාවිත්තර ප්රදේශයේම පදිංචිකාරිනියක් බවයි පොලීසය සදහන් කළේ.
ඇය නිවසේ තනිව ජීවත්ව ඇති අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.