පුත්තලමේ දැරිය සොයා කලා වැවේ මෙහෙයුමක් – මෙහෙයුමට පොලිසියෙන් 200ක්
පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේදී පසුගිය දා අතුරුදන් වූ දැරිය සොයා පොලීසිය හා නාවික හමුදා කිමිඳුම්කරුවන් කලා ඔයේ ඕළුමඩුව ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ඒම දැරිය අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇයගේ මව විසින් කරන ලද ප්‍රකාශයකට අනුව මෙලෙස මෙහෙයුමක් ආරම්භ කළ අතර කරුවලගස්වැව නිලබැම්ම ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි සෙනුරි තිසාරා අතුරුදන් වූයේ පසුගිය 29 වැනිදායි.
සෙනුරි තිසාරා දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබූණි.
දැරියගේ මව, මිත්තණිය සහ සීයාගෙන් ද අඛණ්ඩව ප්‍රකශ ලබාගනිමින් සිටි බව පොලීසිය මීට පෙර පැවාසිය.
මෙම දැරිය සෙවීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 200ක් වේ.