News

පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඬේ පොලිස් වසමට පස්වරු 2.00 සිට ඇඳිරි නීතිය

පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඬේ පොලිස් වසමට අද (19) පස්වරු 02 සිට යළිත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඊයේ (18) පස්වරු 4.30 ට මෙම ප‍්‍රදේශ සඳහා පළමුවරට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබූ අතර අද පෙරවරු 8.00 ට පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණි.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වළක්වාලීම සදහා රජය විසින් මෙම පියවර ගෙන ඇත.