News

පුත්තලම මංගලගම ප්‍රදේශයේ අන්තවාදී කඳවුරක් පොලීසිය වටලයි

සිව්දෙනෙක් සමග පුපුරන ද්‍රව්‍ය අඩංගු බැරල් 4ක්, ඩෙටනේටර් 75කුත් සොයාගැනේ

අන්තවාදීන් පිරිසක් පුහුණුවීම් වල නිරතවූ බවට සැකකෙරෙන කඳවුරක් වනාතවිල්ලුව මංගලපුර ප්‍රදේශයේදී වටලා තිබේ.

මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිරිසක් සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත ඒම නිලධාරීන් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්යබලකායේ පිරිසක් එක්ව කළ වැටලීමකදී මෙම කඳවුර සොයාගෙන තිබේ.

එහි සිටි සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස පලාගොස් ඇති බව ඉහළ පොලිස් නිලධාරියෙකු ‘අරුණ’ට පැවසීය.

අක්කර 75ක පමණ වපසරියකින් යුත් පොල්වත්තේ කළපු ප්‍රදේශයට ආසන්නයේ කූඩාරම් 4ක මෙම පිරිස රැඳී සිටි අතර, සිදුකළ සෝදිසි මෙහෙයුමේදී පුපුරන ද්‍රව්‍ය අඩංගු බැරල් 4ක් හා ඩෙටනේටර් 75ක් සොයාගත් බව ඒ මහතා සදහන් කළේය.

සිද්ධිය වූ ස්ථානයට පොලිස්පති පූජිත් ජයසුන්දර හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් මේ වන විට එහි ගොස් ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.