News

පුත්තලම සහ කොච්චිකඩේට පැනවු ඇදිරි නීතිය උදෑසන 8.00 ට ඉවත් කෙරේ

පුත්තලම කොට්ඨාසයේ පොලිස් වසම් 11 කට සහ හලාවත කොට්ඨාසයේ පොලිස් වසම් 7 කට හා කොච්චිකඩේ පොලිස් බලප්‍රදේශයට පැන වූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8.00 ට ඉවත් කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ එම ප්‍රදේශවලට යළිත් අද පස්වරු 2.00 ට පොලිස් ඇඳිරි නීතිය පනවන බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ඊයේ (18) පස්වරු 04.30 සිට පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පනවනු ලැබුවේය.