News

පුද්ගලයෙකු ඝාතනය කළ කුකුළෙක් අත්අඩංගුවට

පොර කුකුළු ප්‍රහාරයක් හේතුවෙන් 45 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය වීමේ සිද්ධියක් ඉන්දියාවේ, තෙලගානා ප්‍රාන්තයෙන් වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සටන අතරතුර කුකුළා එම ස්ථානයෙන් පැන යාමට තැත් කිරීමේදී ඌ අල්ලා ගැනීමට ගත් උත්සාහයකදී කුකුළාගේ පාදයේ ගැට ගසා තිබූ පිහිය එම කුකුළාගේ හිමිකරුගේ ශරීරයේ වැදී ඇති අතර එම පුද්ගලයා රෝහලට රැගෙන යාමට උත්සාහ කළ නමුත් ඒ අතරතුරදී පුද්ගලයා මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ සිද්ධියට මුල් වූ පොර කුකුළා පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් කුකුළා පොලිස් රැකවරණය යටතේ තබා, සාක්ෂියක් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

අදාළ පොර කුකුළු ප්‍රහාරයට සහභාගී වූවන්ගේ හා සංවිධානය කළ පිරිසගේ නොසැලකිලිමත් බව නිසා මෙම මරණය සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම පොර කුකුළු ප්‍රහාරය සඳහා පුද්ගලයින් 15 දෙනෙකු පමණ සහභාගී වී ඇතැයි වාර්තා වෙයි.