පුද්ගලයෙකු තල්ලු කිරීමෙන් හිස බැම්මක වැදුණු පුද්ගලයා මරුට
කෑගල්ල එරමිණියගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු තල්ලු කිරීම නිසා ඇද වැටී හිස සිමෙන්ති බැම්මක ගැටී සිදුවූ අනතුරකින් එම පුද්ගලයා ජිවිතක්ෂයට පත්වෙයි.
ප්‍රදේශවාසීන් සමඟ හල්පිටිය සුසාන භූමියේ වළක් කපමින් සිටි අතරතුර මෙම සිදුවීම ඇතිව ඇති බවට පොලිසිය සඳහන් කරයි.
එම අසවස්තාවේදී තුවාල ලැබූ පුද්ගලයා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇත. මරණකරු 46 හැවිරිදි හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් තල්ලුකිරීම සිදුකළ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.