පුද්ගලයෙකු නිවස ඉදිරිපිට ඝාතනය කරයි
බුලත්සිංහල ප්රදේශයේ පුද්ගලයෙකු කිසියම් පිරිසක් විසින් ඊයේ (07) පස්වරුවේ නිවස ඉදිරිපිට ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයාට පහරදී ඝාතනය කර ඇති බවට බුලත්සිංහල පොලිසියට තොරතුරක් ලැබී ඇති අතර මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ බුලත්සිංහල, ගෝවින්න කොටස,නිල නිවාස සංකීර්ණය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි.
ඝාතනයට අදාල සැකකරුවන් හඳුනා ගෙන ඇති අතර ඔවුන් මේ වන විට ප්රදේශයෙන් පලාගොස් ඇත.
ඝාතනය හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බුත්තල පොලිසිය විසින් සිදු කරනු ලබයි.