News

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඇල්පිටිය, අනුරුද්ධගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 37 සහ 38ක් වන කරන්දෙණිය මණ්ඩකන්ද හා දෙමටගහකන්ද ප්‍රදේශවල පදංචිකරුවන් දෙදෙනෙකු වන අතර පසුගිය මස 30 වැනිදා එලෙස වෙඩි තබා ඝාතනය කෙරුණේ 40 හැවිරිදි පුද්ගලයෙක්ය.