පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී බස් රථයක් ගිනි ගනි (Photos)
මුලතිව්,පුදුකුඩිඉරිප්පු,කෝම්බාවිල් ප්‍රදේශයේදී අද(21) අලුයම බස් රථයක් ගිනිගෙන ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ අදාළ බස් රථය බස් හිමියාගේ නිවස ඉදිරිපස නවතා තිබියදී ගිනිගෙන ඇති බවට පැමිණිළි ලැබී ඇති බවයි. ගින්න හේතුවෙන් බස් රථයේ අභ්‍යන්තරය ආසන ඇතුළු උපකරණ සියල්ල ගිනිගෙන ඇති බවද පොලිසිය සදහන් කළේය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කොටගෙන නොමැති අතර, බස් රථයේ සිදුවු විදුලි කාන්දුවකින් ගින්න හටගන්නට ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.