News

පුරාවස්තු සොයා කැනීම් කළ දෙදෙනෙකු මාට්ටු

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් කටයුතු සිදු කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අරලගන්විල පොලිසියේ නිලධාරීන් විසින් කැනීම් කටයුතු සඳහා උපයෝගී කරගත් පුජා භාණ්ඩ පොලිසි භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 31හා 42ක් වන වැල්ලවාය හා ලුණුගල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අද දින මනම්පිටිය මහේෂ්ට්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.